Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




දානියෙල් 2:41 - Sinhala New Revised Version

41 ඔබ දුටු පාද හා පා ඇඟිලිවලින් දැක්වෙන්නේ, කොටසක් කුම්භකාරයාගේ මැටියෙන් ද කොටසක් යකඩෙන් ද යුක්ත ව ඒ රාජ්‍යය බෙදී යන බව ය. එහෙත්, යකඩ මැටි හා මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු පරිදි ඒ රාජ්‍යයේ අයෝමය ශක්තියත් තරමක් දුරට පවතින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 පාදවලින්ද පාද ඇඟිලිවලින්ද කොටසක් කුම්භකාරයාගේ මැටිත් කොටසක් යකඩත් බව ඔබ දුටුහෙයින්, ඒ රාජ්‍යය බෙදී තිබෙනවා ඇත; නුමුත් යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, යකඩවල සවිය ඒක තුළ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:41
8 හුවමාරු යොමු  

යකඩ මෙන් සවි ශක්තිය ඇති රාජ්‍යයක් සතර වන වර ඇති වන්නේ ය. යකඩ සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඒ රාජ්‍යය අන් සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නේ ය.


පා ඇඟිලිවලින් කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද තිබුණාක් මෙන් ඒ රාජ්‍යයෙන් කොටසක් ශක්තිමත් වන්නේ ය; කොටසක් බිඳෙනසුලු වන්නේ ය.


අං දසය නම්, මේ රාජ්‍යයෙන් පැන නඟින රජවරු දසදෙනෙකි. ඔවුන්ට පසු ව තවත් රජ කෙනෙක් නැඟිටින්නේ ය. ඔහු පළමු කී රජවරුන්ට වඩා වෙනස් වන්නේ ය. ඔහු රජවරුන් තුන්දෙනෙකු පහතට හෙළාදමන්නේ ය.


මාගේ රාත්‍රි දර්ශනවලින් මා දුටු සතර වන මෘගයා භයානක, රෞද්‍ර, ඉතා ශක්තිමත් එකෙකි. ඌට විශාල යකඩ දත් තිබුණේ ය. ඌ ගොදුර පොඩි කර කා ගිලදැම්මේ ය; ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේ ය. කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස් ය. ඌට අං දසයක් තිබුණේ ය.


අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.


එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.


“ඔබ දුටු අං දසය නම් තව ම රජකම නොලත් රජවරු දස දෙනෙකි. එහෙත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට පමණක් රජවරුන් ලෙස රාජ බලය ලබන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්