Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 17:16 - Sinhala New Revised Version

16 ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 ඔබ දුටු අං දහය හා මෘගයා, වේශ්‍යාවට වෛර බඳිනු ඇත. ඔවුන් ඇය පාළුවට යවා, ඇය නිරුවත් කර, ඇගේ මාංස කා දමා, ගින්නෙන් ඇය දවා දමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 17:16
17 හුවමාරු යොමු  

මා අමුත්තන් සතුටින් පිළිගන්න බව මට සේවය කරන හැම දෙන ම දනිති.


දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය.


මා දුටු දෙ වන මෘගයා වලසෙකු හා සමාන ය. ඌ එක ඇළයකින් කෙළින් වී සිටියේ ය. උගේ කටේ දත් අතරේ ඉළ ඇට තුනක් තිබුණේ ය. ‘නැඟිට බොහෝ මස් කන්නැ’යි ඌට කියන ලද්දේ ය.


යම් පූජකයෙකුගේ දුවක වෙසඟනක මෙන් හැසුරුණොත්, ඈ තම පියාට නින්දා කරයි. ඈ ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය.


අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.


සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.


පස් දෙනෙක් මළාහ, එක් කෙනෙක් තව ම සිටින්නේ ය, අනෙක් තැනැත්තා තව ම පැමිණියේ නැත. ඔහු පැමිණි කල ටික කලක් පමණක් සිටිය යුතු ය.


ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය.


එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”


“තෙපි රජුන්ගේ මස් ද සේනාධිපතීන්ගේ මස් ද බලවත් මිනිසුන්ගේ මස් ද අශ්වයන්ගේත් අශ්වාරෝහකයන්ගේත් මස් ද දාස නිර්දාස, ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස් ද කන පිණිස, දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනයට පැමිණ එක්රැස් වෙයව්” යයි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්