ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 4:22 - Sinhala New Revised Version

රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අප්‍රමාදව මේක කරන ලෙස බලාගන්න. රජවරුන්ට අලාභ පැමිණෙන හැටියට අනතුරු වැඩිවෙන්ට ඉඩදෙන්නේ මක්නිසාද යනුයි.

පරිච්ඡේදය බලන්න



එස්රා 4:22
7 හුවමාරු යොමු  

ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය.


එබැවින් මා විසින් නියෝගයක් පමුණුවන තුරු ඒ නගරය ගොඩනොනඟන පිණිස ඒ මිනිසුන්ගේ වැඩ නවත්වන හැටියට නියෝගයක් කරන්න.


අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ.


ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය.


දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය.