දානියෙල් 6:2 - Sinhala New Revised Version2 ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාපතීන්ගෙන් ගණන්ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය. පරිච්ඡේදය බලන්න |
එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය.