Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 4:13 - Sinhala New Revised Version

13 ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඉතින් මේ නුවර ගොඩනගා පවුරු තීන්දුකළොත් මොවුන් තීරුවවත් ආදායමවත් සුංගමවත් නොදෙන බවත් මෙසේ අන්තිමේදී රජුන්ට එයින් අලාභ සිද්ධවෙන බවත් රජතුමා දැනගනීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:13
9 හුවමාරු යොමු  

තවද, පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටු පාලකයන්, දේව මාලිගාවේ සේවකයන් හා දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ සෙසු සේවකයන් යන කිසිවෙකුගෙන් තීරු බද්ද ද ආදායම් ද සුංගම් ද අය කරන්න තහනම් බව අපි ඔබට දැනුම් දෙමු.


තවත් සමහරු, “අපේ බිම්වලට හා මිදි වතුවලට රජුගේ තීරු බදු ගෙවීමට අපට මුදල් ණයට ගන්නට සිදු වී තිබේ.


“ගෙවන සේකැ”යි ඔහු කී ය. ඔහු ගෙට පිවිසි කල, යමක් කියන්න පෙර, ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සීමොන්, මේ ගැන ඔබගේ අදහස කුමක් ද? මෙලොව රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන් ද? සිය සෙනඟගෙන් ද නොහොත් විදේශීන්ගෙන් දැ”යි ඇසූ සේක.


ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.


උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත. එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි.


දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.


තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත.


ඉතින් අපි ඔබ තුමාට ණයගැති ව සිටිය දී ඔබට අලාභ හානි පැමිණෙනු බලා සිටීම අපට නුසුදුසු බැවින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්