ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 6:6 - Sinhala New Revised Version

හාමාන් ඇතුල් වූ විට රජතුමා ඔහුට කතා කොට, “රජු ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය. එවිට හාමාන්, “මා මිස රජු ගෞරව කරන්නට කැමැති වෙන කෙනෙක් නැතැ”යි සිතාගෙන, රජුට මෙසේ පිළිතුරු දෙමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හාමාන් ඇතුල් වුණ විට රජ ඔහුට කථාකොට: රජු විසින් ගෞරවකරන්ට කැමති මනුෂ්‍යයාට කරන්ට ඕනෑ මොකදැයි ඇසුවේය. හාමාන්ද: මට මිස රජු ගෞරවකරන්ට කැමති කාටදැයි තමාගේ සිතින් සිතාගන, රජුට කථාකොට:

පරිච්ඡේදය බලන්න



එස්තර් 6:6
19 හුවමාරු යොමු  

රජ ඔවුන් අමතා, “නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු නොවූ වස්තී බිසවට නීත්‍යනුකූල ව කුමක් කළ යුතු දැ”යි ඇසී ය.


තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.


එවිට හාමාන් වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන ගොස්, මොර්දෙකයි සරසා, ඔහු නුවර වීදිය දිගේ අසුපිටින් ගෙන යමින්, “රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එතුමා විසින් මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටුව ප්‍රකාශ කරමින් ගියේ ය.


“හාමාන් මිදුලේ සිටින්නේ ය”යි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කී හ. “ඔහු ඇතුළට ඒවා”යි රජතුමා කී ය.


“රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතු ය:


වස්ත්‍රය ද අශ්වයා ද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක් කෙනෙකු අතට භාර දෙන්නත්, රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීදිය දිගේ ගෙන යමින්, ‘රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේ ය’යි ඔහුට පෙරටුවෙන් ප්‍රකාශ කරමින් යන්නත් යෙදේ වා”යි කී ය.


මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්‍රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්‍රීති වන සේක.”


අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.


විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.


විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.


අහංකාර, උඩඟු බැල්මක් ඇති මිනිසුන් ඇත.


“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.


එසේ ය, ඔවුන්ට යහපත කිරීම මට ඉමහත් ප්‍රීතියක් වනු ඇත. සැබැවින් මාගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මේ දේශයෙහි ඔවුන් ස්ථීර ලෙස පදිංචි කරවන්නෙමි.


ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.


තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.


යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ.


එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.