මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.
එස්තර් 3:1 - Sinhala New Revised Version මේ සිදුවීම්වලට පසු අහෂ්වේරොෂ් රජ, ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට බුහුමන් දක්වමින්, ඔහු උසස් තත්ත්වයකට පමුණුවා, තමා වෙත සිටි සියලු අධිපතීන්ට වඩා උත්තම නිලයක් ඔහුට දුන්නේ ය. Sinhala Revised Old Version මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය. |
මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.
මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.
ඔබේ භාරයේ ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජුදා හා ජෙරුසලම ගැන කරුණු විභාග කරන පිණිස, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් ඔබ යවනු ලැබ ඇත.
මොවුන් අතරෙන් රජුට ඉතා හිතවත් වූ ද රජු ඉදිරියට නිදහසේ පැමිණීමේ වරය ලද්දා වූ ද අය නම්, පර්සියාවේ ද මේදියාවේ ද අධිපතීන් සත් දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් ය.
රජ තමාගේ අතින් මුදුව ගලවා ජුදෙව්වරුන්ගේ සතුරා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී ඔහුට කතා කොට,
තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.
එස්තර් පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා නම්, එදිරිකාරයෙකු ද සතුරෙකු ද වන මේ දුෂ්ට හාමාන් ය”යි කීවා ය. එවිට රජු ද රැජින ද අබිමුවෙහි හාමාන් භීතියට පත් විය.
එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කතා කොට, රජුගේ පාමුල වැටී, ආගග් ජාතික හාමාන් අදහස් කළ නපුර ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද ව්‍යර්ථ කරන ලෙස අඬා කන්නලව් කළා ය.
දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති. අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති.
ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය.
ඔවුන්ගේ බඳුන්හි ජලය උතුරා යයි; ඔවුන්ගේ පෙළපත මහ සමුදුර මෙනි, ඔවුන්ගේ රජ, ආගග් රජුට වඩා උසස් වනු ඇත. ඔවුන්ගේ අණසක දසත පැතිර යනු ඇත.
සාමුවෙල් ද කතා කොට, “ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.
ඔහු අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් පණපිටින් අල්ලාගෙන, සියලු සෙනඟ කඩුවෙන් ගසා දමා සහමුලින් ම විනාශ කර දැමුවේ ය.