Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 3:2 - Sinhala New Revised Version

2 රජ වාසල සිටි රජුගේ සියලු සේවකයෝ ද හාමාන්ට හිස නමා ආචාර කළෝ ය. මන්ද, එසේ කරන ලෙස රජු අණ කර තිබුණේ ය. එහෙත්, මොර්දෙකයි ඔහුට හිස නැමුවේ වත්, ආචාර කෙළේ වත්, නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 3:2
15 හුවමාරු යොමු  

එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,


ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.


ඒ දවසේ දී හාමාන් ප්‍රීතිමත් සතුටු සිතකින් පිටත් ව ගියේ ය. එහෙත්, හාමාන් තෙම රජ වාසලේ දොරටුව ළඟ සිටි මොර්දෙකයි තමා එන විට නැඟිට්ටේ වත්, තමාට සැලකිල්ල දැක්වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි ඉතා කෝපාවිෂ්ට විය.


මොර්දෙකයි තමාට හිස නමා ආචාර නොකරන බව දැක හාමාන් කෝපාවිෂ්ට විය.


මේ සිදුවීම්වලට පසු අහෂ්වේරොෂ් රජ, ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට බුහුමන් දක්වමින්, ඔහු උසස් තත්ත්වයකට පමුණුවා, තමා වෙත සිටි සියලු අධිපතීන්ට වඩා උත්තම නිලයක් ඔහුට දුන්නේ ය.


දිනක් මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන සිටිය දී වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් සහ තෙරෙෂ් කෝප වී අහෂ්වේරොෂ් රජු මරන්නට කුමන්ත්‍රණය කළෝ ය.


දෙ වන වතාවේ කන්‍යාවන් රැස් කරන කල මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන උන්නේ ය.


දැන් නුඹ අමලෙක්වරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින් ම විනාශකර දමා, පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා කිරි දරුවන් ද ගවයන් හා බැටළුවන් ද ඔටුවන් හා කොටළුවන් ද මරා දමන්න.’ “


එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”


මන්ද, ‘ඔබ සමිඳාණන් වහන්සේගේ ධජයට අත ගසන්න, උන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්වරුන් සමඟ සටන් කරන සේකැ’යි උන් වහන්සේ වදාළ බැවිනි.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “මෙය සිහි වන පිණිස, “මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක.


පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය.


බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත් ජායීර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් ජුදෙව්වෙක් සූසා නම් අගනුවර සිටියේ ය.


එවිට රජ වාසල සිටි රජුගේ සේවකයෝ කතා කොට, “ඔබ රජුගේ අණ කඩ කරන්නේ මන්දැ”යි මොර්දෙකයිගෙන් ඇසූ හ.


දානියෙල්ගේ ඉල්ලීම පිට රජතුමා ෂද්‍රක් ද මේෂක් ද අබෙද්නෙගෝ ද බබිලෝනියේ පළාත් පරිපාලන කටයුතු සඳහා පත් කෙළේ ය. දානියෙල් තෙමේ රජ වාසලේ ම විසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්