එසකියෙල් 43:7 - Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනය ඇති ස්ථානය ය. මා වැඩමකරන ස්ථානය ය. මම මෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි. ඉශ්රායෙල් වංශයටත්, ඔවුන්ගේ රජවරුන්ටත් තමන්ගේ වේශ්‍යාකම්වලින් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් වැළලීමෙන් ද මාගේ සුවිශුද්ධ නාමය අපවිත්‍ර කරන්නට තවත් ඉඩ නොදෙන්නෙමි. Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනය ඇති ස්ථානය ය. මා වැඩමකරන ස්ථානය ය. මම මෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි. ඉශ්රායෙල් වංශයටත්, ඔවුන්ගේ රජවරුන්ටත් තමන්ගේ වේශ්‍යාකම්වලින් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් වැළලීමෙන් ද මාගේ සුවිශුද්ධ නාමය අපවිත්‍ර කරන්නට තවත් ඉඩ නොදෙන්නෙමි. Sinhala Revised Old Version උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය,මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයත්ය, මම මෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි. ඉශ්‍රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන් වැනි ඔවුන්ගේ උසස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය; |
ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය.
එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය.
දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.
එතුමාණෝ අල්ලාගත් සිරකරුවන් උස් කන්දට ගෙන ගිය සේක. කැරලිකරුවන්ගෙන් පඬුරු ලැබූ සේක. දෙවි සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.
සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.
අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය.
සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?
ඔබේ නාමය නිසා අප ඉවත නොදැමුව මැනව. ඔබේ තේජසේ සිංහාසනය පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව. අප සමඟ තිබෙන ඔබේ ගිවිසුම සිහි කර එය කඩ නොකළ මැනව.
මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”
ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය.
ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණ ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේ ය. සිංහාසනය මත මිනිස් පෙනීමක් වැනි ස්වරූපයක් තිබිණි.
මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට ඉහළින් නීලමාණික්‍යයන් වැනි සිංහාසනයක රූපයක් දිටිමි.
එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.
මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”
දැන් ඔව්හු තමන්ගේ වේශ්‍යාකම් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් ද මා වෙතින් පහකරත් වා! එවිට මම ඔවුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි.
වට ප්‍රමාණය මීටර් දහසක් වේ. ඒ දවසේ පටන් නුවර නාමය ‘සමිඳාණන් වහන්සේ එහි ය’ යන අරුත ඇති ජෙහෝවා-ෂාමා වන්නේ ය.”
උස් වූ සියලු හෙල්වලත්, සියලු කඳු මුදුන්වලත්, සියලු අතු පතර ඇති ගස් යටත්, අතු ඇති සියලු ආලෝන ගස් යටත් තමන්ගේ සියලු දේව රූපවලට මිහිරි සුවඳ ඔප්පු කළ සෑම පූජාසන වටකර මළකඳන් වැටී තිබෙන කල, මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි.
එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද? නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය. මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මම ය. නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”
“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.
මම ද නුඹලාගේ ගිරිකුළු දේවාල වනසා දේව ප්‍රතිමා සිඳ බිඳදමා, නුඹලාගේ මළකඳන් දේව පිළිමවල නටබුන් මත ගොඩ ගසන්නෙමි. මම ද නුඹලා පිළිකුල් කරන්නෙමි.
එහෙත්, නැති වූ අයගෙන් ඉතිරි කුඩා පිරිසක් ඇති කරන්නෙමි. ඉවත දැමූ අය බලවත් ජාතියක් කරන්නෙමි. මෙතැන් පටන් සදහට ම සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ කන්දේ ඔවුන් කෙරෙහි රජකම් කරන සේක.”
ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.
තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, ‘නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය’යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය.
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”
කිසි සාපයක් තවත් එහි නොවන්නේ ය. දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනය එහි වන්නේ ය. උන් වහන්සේගේ සේවකයෝ උන් වහන්සේට නමස්කාර කරන්නෝ ය.