තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය.
එසකියෙල් 23:23 - Sinhala New Revised Version ඔව්හු නම්, බබිලෝනිවරු සහ සියලු ම කල්දිවරු ද පෙකොඩ් ද ෂෝවා ද කෝවා ද ඔවුන් සමඟ අෂූර්වරු ද යන අය ය. ඔව්හු වනාහි මනා පෙනුමක් ඇති තරුණයෝ ය; ආණ්ඩුකාරයෝත් මුලාදෑනියෝත් ය; ඔව්හු සියල්ලෝ ම අධිපතියෝ ය; අසුන් පිට නැඟීයන කීර්තිමත් අශ්වාරෝහකයෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු නම්, බබිලෝනිවරු සහ සියලු ම කල්දිවරු ද පෙකොඩ් ද ෂෝවා ද කෝවා ද ඔවුන් සමඟ අෂූර්වරු ද යන අය ය. ඔව්හු වනාහි මනා පෙනුමක් ඇති තරුණයෝ ය; ආණ්ඩුකාරයෝත් මුලාදෑනියෝත් ය; ඔව්හු සියල්ලෝ ම අධිපතියෝ ය; අසුන් පිට නැඟීයන කීර්තිමත් අශ්වාරෝහකයෝ ය. Sinhala Revised Old Version ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය. |
තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය.
ඔහුගෙන් පැවතෙන්නෝ හවිලාහි සිට අසිරියාවට යන මගෙහි මිසර දේශයට පෙරදිගින් පිහිටි ෂූර් දක්වා වාසය කළහ. ඔව්හු තම ඥාතීන්ගෙන් ඈත් ව ජීවත් වූ හ.
සමිඳාණන් වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවන් ද සිරියන්වරුන්ගේ හමුදාවන් ද මෝවබ්වරුන්ගේ හමුදාවන් ද අම්මොන්වරුන්ගේ හමුදාවන් ද ඔහුට විරුද්ධ ව එවූ සේක. තමන්ගේ මෙහෙකරු වූ දිවැසිවරුන් ලවා සමිඳාණන් වහන්සේ කියෙවූ වචනයේ හැටියට ජුදා නැති කරන පිණිස ඊට විරුද්ධ ව උන් වහන්සේ ඔවුන් එවූ සේක.
ඔව්හු මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.
ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය.
“මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න; මා නුඹලාට අණ කළ සියල්ල කරන්න. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඈ ද අලංකාර වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද යුද ඇඳුමෙන් සැරසුණ අධිපතීන්ට ද එමෙන් ම අශ්වාරෝහකයන්ට ද අධික ආලයෙන් බැඳුණා ය. ඔව්හු සියල්ලෝ සිත්ගන්න සුලු තරුණයෝ වූ හ.
“ඈ මිනිසුන්ගේ රූප එනම්, ස්වරූප, තද රතු පාටින් බිත්තිවල සිතියම් කර තිබෙනු දුටු විට ඔහොලීබා ඇගේ වේශ්‍යාකමෙහි කිඳා බැස සිටියා ය.
එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි.
ඈ, සිත්ගන්න සුලු තරුණ අශ්වාරෝහකයන් වූ රාජකීය වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද අධිපතීන්ට ද අධික ආලයෙන් බැඳුණා ය.
එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක;