එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි:
එසකියෙල් 20:5 - Sinhala New Revised Version ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි. Sinhala New Revised Version 2018 ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි. Sinhala Revised Old Version ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් තෝරාගෙන, යාකොබ්ගේ වංශයට මාගේ අත ඔසවා, මිසර දේශයේදී මා ඔවුන්ට ප්‍රකාශවූ දවසේදී: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියා මාගේ අත ඔවුන්ට එසෙවුවෙමි. |
එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි:
මුළු සෙනඟ එය දැක මුණින්තළා වැටී, “සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය; සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.
“නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි.
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.
මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.
මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ මෙන් ප්‍රකාශ වූයෙමි. එහෙත් මම, සමිඳාණන් වහන්සේ යන නාමයෙන් ඔවුන් හට ප්‍රකාශ නොවූයෙමි.
පසුව ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.”
ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරාගතිමි. එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම්ගන්න පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත් ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත.
“සමිඳාණන් වහන්සේ තෝරාගත් වංශ දෙක උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ”යි මේ සෙනඟ කියනු නුඹ නොදන්නෙහි ද? එබැවින් ඔව්හු මාගේ සෙනඟ හෙළා දකිමින් ඔවුන් ජාතියක් වශයෙන් නොසලකති.
“ ‘යළිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම් බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම් දී, නුඹ සමඟ ගිවිසුමක් කර, ‘නුඹ ද මට අයිති වූවෙහි ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සේක.
තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි.
තවද, මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමි යි කියා පාළුකරයේ දී මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට කීවෙමි.
සමිඳාණන් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වන්නේ ය; සමිඳාණන් වහන්සේ වන මම එසේ කීමි.
මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ මවා පෑවා වූ නුඹේ උදහසේ හැටියටත්, නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට දඬුවම් කරන්නෙමි. මා නුඹ විනිශ්චය කරන කල නුඹලා අතරෙහි මම ප්‍රකාශ වන්නෙමි.
නුඹලා අතර සම සම ව දේශය බෙදාගන්නහු ය; මන්ද, නුඹලාගේ පියවරුන්ට එය දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයන් පිණිස නුඹලාට ලැබෙන්නේ ය.
එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.
සමිඳාණන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් ගළවනු නොලබන්නෝ ය. එහෙත්, උන් වහන්සේ තෝරා වෙන් කොට ගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළ සේක.
ඔබ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සෙනඟකි. මිහි පිට සියලු ජාතීන් අතරෙන් සමිඳාණන් වහන්සේ සතු විශේෂ සෙනඟක් වන පිණිස උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”
ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?
ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක.
මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළෝ තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.
“සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කෙළේත්, ඔබ තෝරාගත්තේත්, අන් සෙනඟකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනඟ අතරෙන් ඉතා ම කුඩා ජනතාවකි.
සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: “තවත් පමා වීමක් නැත.