තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.
එසකියෙල් 17:11 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: |
තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.
කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
“එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද මේ දේශයේ ඉතිරි ව සිටින ජෙරුසලමේ සෙසු අය ද මිසර දේශයේ වාසය කරන්නන් ද ස්වාමීන් වන මම, කන්නට බැරි අර නරක අත්තික්කා මෙන් වන්නට සලසමි.
ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, “බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය.
එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ “
“මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.