Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 17:12 - Sinhala New Revised Version

12 “මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:12
30 හුවමාරු යොමු  

සෙනඟ ද කතා කරමින්, “නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ.


‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය.


ජෙහෝයාකින් රජු විප්‍රවාසයට ගෙනයනු ලැබූ පසු, පස් වන අවුරුද්දේ මාසයේ පස් වන දින


පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, “ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය.


එහෙත් ඔවුන්ට ඒ කීම අවබෝධ නො වී ය. එය ඔවුන්ට නොවැටහෙන ලෙසින් සැඟවී තිබිණි. ඔව්හු ඒ කීම ගැන උන් වහන්සේගෙන් ඇසීමටත් බිය වූ හ.


තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද?


රොටි ගැන මා ඔබට කතා නොකළ බව තේරුම් නොගියේ කෙසේ ද? එහෙත්, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක.


“ඔබ මේ සියල්ල වටහා ගත්තහු දැ”යි උන් වහන්සේ ඇසූ සේක. “එසේ ය”යි ඔව්හු කී හ.


මම නුඹේ අධිෂ්ඨානය ගිනිගලට වඩා තද වූ වෛදූර්ය මෙන් ශක්තිමත් කරන්නෙමි. ඔවුන් කැරලිකාර සෙනඟක් වන නමුත් ඔවුන්ට බිය නොවන්න. ඔවුන්ගේ රවා බැලීමට නොකැළඹෙන්න.”


“එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.”


ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.


ඉශ්රායෙල් ජනයා අමතමින්, “ ‘මේ ගල් පිළිවෙළට තබා තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයෙහි දී ඔබේ දරු පරපුර ඔවුන්ගේ පියවරුන්ගෙන් අසන විට


මෙසේ කරන්නේ, ඒවා ඔබ අතරේ සිහිවටනයක් වන පිණිස ය. ‘මේ ගල් තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයේ දී ඔබේ දරුවන් අසන විට,


“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්,


මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට


වීරවරයන් ද හේවායන් ද විනිශ්චයකාරයන් හා දිවැසිවරයන් ද පේන කියන්නන් හා ප්‍රජා මූලිකයන් ද


ජෙහෝයාකිම්ගේ පුත් කෝනියා වෙනුවට බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජුදා දේශයෙහි ජොෂියාගේ පුත් ශෙදෙකියා රජකමට පත් කරනු ලැබ ඔහු රජකම් කෙළේ ය.


ජෙරුසලම හා ජුදාව සමිඳාණන් වහන්සේ බොහෝ සේ කෝප කළ බැවින් උන් වහන්සේ ඔවුන් තමන් අබිමුවෙන් පන්නා දැමූ සේක. ශෙදෙකියා ද බබිලෝනියාවේ රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ ය.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:


නුඹේ සෙනඟ කතා කොට, ‘මෙයින් නුඹ හඟවන්නේ කිමෙක් ද කියා නුඹ අපට නොදන්වන්නෙහි දැ’යි නුඹෙන් ඇසූ විට,


මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.


මම ජුදා රජු වූ ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹලා වෙතින් ඈත් ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවා දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්