Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 17:10 - Sinhala New Revised Version

10 එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එය හිටවා තිබෙන නුමුත් එය සඵලවේද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහ මුලින්ම නොවියලෙන්නේද? එය වැවුණ පාත්තිවලම එය වියළී යනවා ඇතැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:10
12 හුවමාරු යොමු  

ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.


ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.


යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.


ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය.


උන් වහන්සේ පාර අද්දර තිබුණු අත්තික්කා ගසක් දැක, ළඟට ගොස්, එහි කොළ මිස අන් කිසිවක් නොදැක, “මෙතැන් පටන් කිසි කලෙක තාගෙන් පලදාවක් නො වේ වා”යි ඒ ගසට වදාළ සේක. අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළී ගියේ ය.


එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”


සමිඳාණන් වහන්සේගෙන් මාගේ සෙනඟ දෙසට කඳු මුදුන්වලින් හමන සුළඟ පොළනු ලබන්නට වත්, ශුද්ධ කරනු ලබන්නට වත් හමන සුළඟක් නොව, ඊට වඩා දවාලන සුළඟක් බව ජෙරුසලමට සහ එහි වැසියන්ට කියන කාලය පැමිණෙන්නේ ය. එය පෙළීමට වත් ශුද්ධ කිරීමට වත් නොවන්නේ ය.


ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ අසන සේකැ යි කියන්න. ඒ මිදි වැල සඵල වේ ද? එය වියළී යන පිණිස පළමු රාජාලියා එහි මුල් උදුරා, පල කඩාදමා සියලු ළා දලු වියළී යන්නට හරින්නේ නැද් ද? මුල් පිටින් එය උදුරාදමන්නට ශක්තිසම්පන්න හස්තයක් වත්, බලවත් සෙනඟ වත් ඕනෑ නොවන්නේ ය.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:


ඉන්පසු එහි, පෙරදිග සුළඟින් වියළීගිය තව කේඬෑරි කරල් හතක් මතු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්