එවිට ඔහු, “ඔබ සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔබ මරන්නේ ය”යි කීවේ ය. ඔහු අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය.
එසකියෙල් 14:15 - Sinhala New Revised Version චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට, Sinhala New Revised Version 2018 චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට, Sinhala Revised Old Version චණ්ඩ මෘගයන් නිසා කිසිවෙකු දේශයෙහි ගමන් නොකරන හැටියට ඒක පාළුවක් වෙන ලෙස නාස්තිකරන පිණිස මා විසින් මෘගයන් එහි යවන විට, |
එවිට ඔහු, “ඔබ සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔබ මරන්නේ ය”යි කීවේ ය. ඔහු අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය.
ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ.
නුඹ පිට ආපදාවක් දෙකක් පැමිණ ඇත. එනම්, පාළුව හා විනාශයත්, සාගතය හා යුද්ධයත් ය. නුඹ සනසන්නේ කවරෙක් ද?
ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය.
ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”
“තවද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුව ද සාගතය ද චණ්ඩ මෘගයන් ද වසංගතය ද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරොත්තු හීන වන්නේ ද?
මම නුඹලාට විරුද්ධව සාගතයක් ද වන මෘගයන් ද එවන්නෙමි. එයින් නුඹලාගේ දරුදැරියන් නැති වී යනු ඇත. වසංගතය ද සාගතය ද ජෙරුසලමේ සෑම තැන ම පැතිරී යනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධයක් ඇති කරන්නෙමි. ස්වාමීන් වන මා මෙසේ පවසා ඇත.”
මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.
එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.