ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.
එසකියෙල් 13:23 - Sinhala New Revised Version නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.” Sinhala New Revised Version 2018 නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.” Sinhala Revised Old Version නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහුය, දිවස් කීම් නොකියන්නහුය. මමද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීය. |
ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.
“මන්ද, තවත් කිසි ව්‍යාජ දර්ශනයක් වත්, ඉච්චාකාර දිවැස් කීමක් වත් ඉශ්රායෙල් සෙනඟ අතරෙහි නොවන්නේ ය.
නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම එඬේරුන්ට විරුද්ධ ව සිට මාගේ බැටළුවන් ඔවුන් අතින් ආපසු ගන්නෙමි. ඒ එඬේරුන් බැටළුවන් රැකබලාගැනීමෙන් මම අස් කරන්නෙමි. තවත් තමන් ම පෝෂණය කරගන්න එඬේරුන්ට ඉඩ නොදෙමි. මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවා ගන්නෙමි.”
නුඹලා සෙනඟ රැවටූ නිසා, නුඹලාට මින්පසු දර්ශන නැති රාත්‍රියක් එනු ඇත. අනාවැකි කීමක් නැති අන්ධකාරයක් වනු ඇත. නුඹලා කෙරෙහි ඉර බැස යනු ඇත. දාවල් කාලය කළුවර වනු ඇත.
තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, ‘නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය’යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය.
කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.
එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’
එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ. මන්ද, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි.
ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,
ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.
මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.
අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය.
මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය.
ගිනි මුසු වීදුරු සාගරයක් වැනි දෙයක් ද, මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නාමයේ සංබ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය, දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි.