Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 14:8 - Sinhala New Revised Version

8 මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මම ඒ මනුෂ්‍යයාට විරුද්ධව මාගේ මුහුණ තබා, ලකුණක්ද උපමාවක්ද පිණිස ඔහු නාස්තිකර, මාගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 14:8
25 හුවමාරු යොමු  

මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.


“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.


මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය. එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති. මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.


උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.


‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි.


එබැවින් දෙවියන් වහන්සේගේ කරුණාවත්, තද ගතියත් තේරුම්ගන්න. වැටී ගිය අය කෙරෙහි උන් වහන්සේ තදින් ක්‍රියා කරන සේක; එහෙත් උන් වහන්සේගේ කරුණාවෙහි පවතින ඔබ ගැන කරුණාවෙන් ක්‍රියා කරන සේක. එසේ නොපවතින්නහු නම් ඔබත් කපා ඉවත් කරනු ඇත.


නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.”


බබිලෝනියේ විප්‍රවාසීන් ව සිටින සියලු ම ජුදෙව්වරුන්ට සාප වචනයක් මෙන් භාවිත කරන්නට වුවමනා වූ විට, බබිලෝනියේ රජු විසින් ගින්නෙන් දවනු ලැබූ ශෙදෙකියාටත්, ආහබ්ටත් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ නුඹලාටත් කරන සේක් වා යි කියනු ඇත.


ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත.


මේ නගරයේ ශුභසිද්ධිය පිණිස නොව, විපත්තිය පිණිස මාගේ මුහුණ ඒ දෙසට යොමා ඇත. එය බබිලෝනියේ රජු අතට පාවා දෙනු ලබන්නේ ය. ඔහු එය ගින්නෙන් දවාදමන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.


පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.


පොළොව පැළී ඔවුන් ගිලදැමී ය. ගින්නෙන් දෙසිය පණස්දෙනෙකු වැනසී ගිය විට, ඔවුන් සමඟ කෝරා සහ ඔහුගේ පිරිස ද මළහ. මෙසේ ඔව්හු අනතුරු ඇඟවීමේ ලකුණක් වූ හ.


“ ‘අපවිත්‍ර යමෙක් තමා ම පවිත්‍ර කර නොගනී නම්, එවැන්නෙක් ජනතාව වෙතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසූ බැවිනි. අපවිත්‍ර වීම පහකරන ජලය ඔහුට ඉස නැත. ඔහු අපවිත්‍ර ය.


මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.


නුඹේ පරපුරෙන් පැවතෙන කිසිවෙකු, තමා අපවිත්‍ර යයි සැලකෙන විට ඉශ්රායෙල් ජනයා මට පුදන ශුද්ධ පූජා සමීපයට ගියොත් ඔහු මා ඉදිරියෙන් නෙරපාදැමිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධ ය. එබැවින් හෘදය සාක්ෂියට විරුද්ධ ව පව් කළ මේ අයගේ ධූම පාත්‍ර ගෙන, පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැළිය යුතු ය. ඒවා ඉශ්රායෙල් ජනයාට ලකුණක් වනු ඇතැ”යි වදාළ සේක.


ඒවා ඔබටත්, ඔබේ පරපුරටත් සදහට ම ලකුණක් සහ අරුමපුදුම දෙයක් වනු ඇත.


එබඳු කෙනෙකු මේ දිවුරුමේ වචන අසන විට, ‘මා සිත මුරණ්ඩුකමින් හැසිරෙන නමුත්, මට සකල ශුභසිද්ධිය සැලසේ වා’යි කියාගනිමින් තමන් සිත සනසා ගත්තත්, හොඳ නරක දෙපක්ෂය ම විනාශය කරා යනු ඇත.


දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්