තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක.
උත්පත්ති 9:1 - Sinhala New Revised Version දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න. Sinhala Revised Old Version තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න; |
තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක.
දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.
මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.
තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය.
නුඹ සමඟ සිටින ජීවමාන සියලු සතුන් වන, පක්ෂීන් ද ගවමහිෂයන් හා උරගයන් ද පොළොව පිට බහුල ව බෝ වී, වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනෙන්නැ”යි වදාළ සේක.
පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි.
සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.
නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න. මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය. එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.