Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 9:1 - Sinhala Revised Old Version

1 තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 9:1
13 හුවමාරු යොමු  

නුඹලා වනාහි සඵලවෙමින් බෝවෙන්න; පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්නැයි ඔවුන්ට කීසේක.


දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.


නුඹ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස නුඹ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක.


දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: නුඹලා සඵලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වයි කීසේක.


නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.


ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, නුඹේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.


තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප්‍රකාරයට නෝවාගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය.


දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.


ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය.


මේ තුන්දෙනා නෝවාගේ පුත්‍රයෝය. මොවුන්ගෙන් මුළු පොළොව ගහනව ගියේය.


නුඹලා ගැන භයත් නුඹලා ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද නුඹලා අතට භාරදෙනලද්දෝය.


තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්