Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 2:3 - Sinhala New Revised Version

3 මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 2:3
22 හුවමාරු යොමු  

“දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.


උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ;


තවද, මම ඔවුන් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක් ව තිබෙන්න මාගේ සබත් දවස පැවැත්වීමට සැලැස්වීමි.


ඔව්හු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූල ව ඔව්හු සබත් දවසේ නිවාඩු ගත්හ.


“දවස් හයක් නුඹ වැඩ කර, හත් වන දවසේ නිවාඩු ගත යුතු ය. සීසාන කාලයේ හෝ අස්වැන්න නෙළන කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතු ය.


“ඔබේ මෙහෙකරු වූ මෝසෙස් මඟින් ඔබේ ශුද්ධ සබත් දවස් ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාවන් ද ව්‍යවස්ථාවන් ද ඔවුන්ට නියම කළ සේක.


දින හයක් නුඹ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතු ය.


සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.


දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක.


අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය. දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව මවන විට


දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්