එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
උත්පත්ති 50:24 - Sinhala New Revised Version ඔහු තම සොහොයුරන් අමතා, “මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය. Sinhala New Revised Version 2018 ඔහු තම සොහොයුරන් අමතා, “මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය. Sinhala Revised Old Version යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය. |
එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා
එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
එහෙත්, ආබ්‍රම්; “මහෝත්තම දෙවි ස්වාමීනි, මට එය උරුම වන්නට යන බව මා දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය.
නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.
මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.
සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”
මම ආබ්‍රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා
මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක.
ඉශ්රායෙල් නසින කාලය ආසන්න වූ විට ඔහු තම පුත් ජෝසෙප් කැඳවා ඔහුට කතා කොට, “දැන් ඉතින් ඔබ මට ප්‍රසාදය දක්වන්නෙහි නම්, කරුණාකර, මාගේ කලවය යට ඔබේ අත තබා, මා වෙත පක්ෂපාතකම හා හොඳ හිත දක්වමින්, මා මිසර දේශයෙහි භූමදාන නොකරන බවට පොරොන්දු වන්න.
ඉන්පසු ඉශ්රායෙල් ජෝසෙප් අමතමින්, “බලන්න, මාගේ අවසානය ළඟ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිට, ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක.
එනම්, ‘මාගේ පියා මට කතා කොට, මෙන්න, මාගේ අවසානය ළඟ ය, කානාන් දේශයේ මා සඳහා මා කැණූ සොහොන් බිම මා භූමදාන කළ යුතු ය’ කියා මා දිවුරෙව්වේ ය. දැන් ඉතින්, මාගේ පියා භූමදාන කරනු පිණිස මා යන්න හරින්න; මම ආපසු එන්නෙමි”යි කී ය.
මෙසේ අවුරුදු හාරසිය තිහක් අවසාන වූ දිනයෙහි ම සමිඳාණන් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් නික්ම ගියෝ ය.
තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.
තවද, ජෝසෙප් ඉශ්රායෙල් ජනයා ප්‍රසිද්ධියේ දිවුරවා තිබුණ ප්‍රකාර මෝසෙස් තමා සමඟ ජෝසෙප්ගේ ඇටකටු ගෙන ගියේ ය. මන්ද, “දෙවියන් වහන්සේ ඔබට සැබැවින් ම ආධාර කරන සේක. එවිට ඔබ මෙතැනින් මාගේ ඇටකටු රැගෙන යා යුතු ය”යි ජෝසෙප් කියා තිබුණු බැවිනි.
මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹත්, නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා සෙනඟත් මෙම ස්ථානයෙන් නික්ම, ‘මම නුඹලාගේ පෙළපතට දෙමි’යි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ දේශයට යන්න.
සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.
ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.
අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත.
එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී.
බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ගෙනා පසු උන් වහන්සේ ඔබ ඉදි නොකළ, විශාල දියුණු නගර ඔබට දානය කරන සේක.
ජෝසෙප් තමාගේ අවසානය ළං වූ විට, ඇදහිල්ලෙන්, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නික්මයාම සඳහන් කොට, තමාගේ ඇටකටු පිළිබඳ උපදෙස් දුන්නේ ය.
තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.