ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 49:27 - Sinhala New Revised Version

බෙන්ජමින් ගිජු වෘකයෙකි, උදය ඔහු තම ගොදුරු ගිලදමයි. සවස කොල්ල කෑ දේ බෙදා දෙයි.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බෙන්ජමින් ගිජු වෘකයෙකි, උදය ඔහු තම ගොදුරු ගිලදමයි. සවස කොල්ල කෑ දේ බෙදා දෙයි.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බෙන්යමින් ගසාකන වෘකයෙක. ඔහු උදය ගොදුරු කාදමන්නේය, සවස කොල්ලය බෙදාගන්නේයයි කීයේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 49:27
25 හුවමාරු යොමු  

එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.


බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;


ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා!


ඉශ්රායෙල්හි ගෝත්‍ර දොළොස මොවුහු සියල්ලෝ ය, ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාද කරමින් ඔවුන් අමතා කීවේ එලෙස ය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.


මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.


එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත.


ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.


ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, බෙන්ජමින්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


පුදුමයෙන් පුදුමයකි! සිහ දෙනක මෙන් සෙනඟ නැඟිටිනු ඇත. සිහ රදෙකු මෙන් ගොදුර බලා පනිනු ඇත, ගොදුර කන තුරු, මැරූවන්ගේ ලේ බොන තුරු, ඌ ලගින්නේ නැත.”


බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත් එලිදාද්;


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


“බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය.


මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි.


එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.


එකල සාවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්,


බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සමිඳුන්ගේ පෙම්වත! එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.”


මම අට වන දා චර්මඡේදනය ලැබීමි; ඉශ්රායෙල් වංශයේ ද බෙන්ජමින් ගෝත්‍රයේ ද තැනැත්තෙක්මි; හෙබ්‍රෙව් පෙළපතින් එන නියම හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නම් පරිසියෙක්මි;


එවිට බෙන්ජමින්වරු ගිබියාවෙන් පිටත් ව අවුත්, ඒ දවසේ ඉශ්රායෙල්වරුන්ගේ මිනිසුන් විසිදෙදහසක් විනාශ කර, බිම හෙළා දැමුවෝ ය.


එවිට බෙන්ජමින්වරු දෙ වන දා ඔවුන්ට විරුද්ධ ව ගිබියාවෙන් පිටතට අවුත්, යළිත් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් දහඅටදහසක් විනාශ කර බිම හෙළුවෝ ය. මේ සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.