උත්පත්ති 45:18 - Sinhala New Revised Version ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න. Sinhala New Revised Version 2018 ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න. Sinhala Revised Old Version නුඹලාගේ පියාණන් සහ නුඹලාගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාට දෙන්නෙමි, නුඹලා දේශයේ සාරය භුක්තිවිඳින්නහුය. |
එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයන් අමතා, ‘මෙය කරන්න; එනම්, ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න; කානාන් දේශයට ගොස්,
ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.
මුළු මිසර දේශය ම ඔබ ඉදිරියෙහි ඇත. රටේ හොඳ ම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂෙන් පෙදෙසෙහි පදිංචි වුණා වේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නෙහි නම් මාගේ සත්ත්ව ගොවිපළ බලාගැනීමට ඔවුන් පත් කරන්නැ’යි කී ය.
එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක. වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”
ඉශ්රායෙල් රාජ්‍යයට වන විපතක මහත! ඔවුන්ගේ උඩඟු හිස්වල තේජාලංකාරය මල් කිරුළු මෙන් පරවී යන්නේ ය. එහෙත්, ඔව්හු හොඳට ම වෙරි වී වැතිර සිටිති.
ඒ අහංකාර නායකයන්ගේ තේජස පරවී යන මලක් මෙන් මැලවී යන්නේ ය; අත්තික්කා වාරයේ පළමුවෙන් හටගෙන ඉදුණු පල නෙළාගත් වහා ම කාදමනු ලබන්නාක් මෙන් පහ ව යන්නේ ය.
“ඔවුන් මට පුදන ඉතා අගනා තෙල් ද ඉස්තරම් මිදිපැන් ද හොඳ ම ධාන්‍ය සහ ඉතා වටිනා නාඹුල් පල ද මම නුඹට දෙන්නෙමි.
නුඹලා සමිඳාණන් වහන්සේට පූජා කරන විශේෂ පඬුරු සියල්ලෙන් ඉස්තරම් කොටස උන් වහන්සේට කැප කොට පිදිය යුතු ය.’
දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක.