“දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය.
උත්පත්ති 41:34 - Sinhala New Revised Version පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය. Sinhala New Revised Version 2018 පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය. Sinhala Revised Old Version එසේ කොට, දේශය කෙරෙහි මුලාදෑනීන් පත්කර, සාරවත්වූ අවුරුදු සතේදී මිසර දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටස ගනීවා. |
“දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය.
ඔවුන් ඒ සශ්‍රීක අවුරුදු හත තුළ ඇති වන සියලු ආහාර වර්ග එකතු කළ යුතු ය. තවද, ධාන්‍ය, පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින්, ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතු ය.
තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ.
මෙසේ ජෝසෙප් මිසරයේ දේපළ සම්බන්ධයෙන් අද දක්වා වලංගු වන රජයට පහෙන් පංගුව දීමේ පණත පැනවී ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවී ය.
ඒ මනුෂ්‍යයෝ විශ්වාසවන්ත ව වැඩ කළෝ ය. වැඩ බලා ගැනීමට මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුන් වන ජහත් ද ඔබදියා ද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියා ද මෙෂුල්ලාම් ද ඔවුන් කෙරෙහි පත් වී සිටියෝ ය. ලෙවීවරු සියල්ලෝ ම තූර්ය භාණ්ඩ ගැන තේරුම් පැහැදුම් ඇති අය වූ හ.
සික්රීගේ පුත් ජෝවෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය. හස්සෙනුවාගේ පුත් ජුදා තෙම නගරයේ දෙවැන්නා ව සිටියේ ය.
සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක.
නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.
එහෙත්, මෝසෙස් සටනින් ආපසු පැමිණි හමුදාවේ නිලධාරීන්, සහශ්‍රාධිපතීන් සහ ශතාධිපතීන් සමඟ කිපිණි.
මෙසේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය.