ජෝසෙප් මිසරයට ගෙනයනු ලැබී ය. එකල පාරාවෝගේ වාසල ඇමති හා මුර සෙන්පති වූ මිසර ජාතික පොතිපර්, ජෝසෙප් එහි ගෙන ගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලයට ගත්තේ ය.
උත්පත්ති 40:3 - Sinhala New Revised Version මුර සෙන්පතියාගේ නිවෙසහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය. Sinhala New Revised Version 2018 මුර සෙන්පතියාගේ නිවසෙහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය. Sinhala Revised Old Version ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානයවූ රැකවලුන්ගේ නායකයාගේ ගෙය වන හිරගෙයි දැම්මේය. |
ජෝසෙප් මිසරයට ගෙනයනු ලැබී ය. එකල පාරාවෝගේ වාසල ඇමති හා මුර සෙන්පති වූ මිසර ජාතික පොතිපර්, ජෝසෙප් එහි ගෙන ගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලයට ගත්තේ ය.
ඔහු අත්අඩංගුවට ගෙන රජුගේ සිරකරුවන් තබන සිරගෙයි දැමී ය. මෙසේ ඔහු සිරගෙදර නැවතී සිටියේ ය.
සිරගෙයි පාලකයා ද සිරගෙදර සිටි සියලු සිරකරුවන් ජෝසෙප්ගේ පාලනයට බාර දුන්නේ ය. ඔවුන් එහි කළ සියල්ල පිළිබඳ වගකීම ජෝසෙප් අතෙහි විය.
තවද, ජෝසෙප්ගේ පාලනයට පවරා දුන් කිසිවක් ගැන සිරගෙයි පාලකයාට ප්‍රශ්නයක් නො වී ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩසිට, ඔහු කළ සියල්ල ම සාර්ථක කිරීමට සැලැසූ නිසා ය.
මුර සෙන්පති ඔවුන් ජෝසෙප්ට බාර දුන්නේ ය. ඔහු ඔවුන් බලාගත්තේ ය. ඔව්හු සෑහෙන කාලයක් සිරගත ව සිටියහ.
ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ පූප සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවෙසහි වූ හිරගෙයි දැමුවෙහි ය.