තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය.
උත්පත්ති 40:14 - Sinhala New Revised Version ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න. Sinhala New Revised Version 2018 ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න. Sinhala Revised Old Version ඉතින් නුඹට ශුභසිද්ධවූ කල්හි මා සිහිකොට, මට කරුණාව පෙන්වා, ඵාරාවෝට මා ගැන සඳහන්කර, මේ ගෙයින් මා නිදහස්කරවන ලෙස ඉල්ලමි. |
තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය.
දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.
“එහෙත්, ගිලියද් ජාතික බර්ශිල්ලයිගේ පුත්‍රයන් හට කරුණාව පෙන්වා, ඔවුන්ට ඔබේ මේසයෙන් ආහාර පාන අනුභව කරන්නට අවසර දෙන්න. මන්ද, ඔබේ සහෝදර වූ අබ්සලොම්ගෙන් මා පලා ගිය විට ඔව්හු එලෙස මා ළඟට පැමිණියෝ ය.
ඔබ කැඳවීම ලැබූයේ වහලෙකු ව සිටිය දී නම්, ඒ ගැන කරදර නොවන්න. එහෙත් නිදහස ලබාගැනීමට ඉඩක් ඇත්නම් එයින් ප්‍රයෝජන ගන්න.
ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.
මාගේ ස්වාමියා වන ඔබ නිකරුණේ ලේ වැගිරෙව්වෙහි ය කියා වත්, තමා අතින් පළිගත්තේ ය කියා වත් ඒ ගැන ඔබට සිත් වේදනාවක් වත්, ශෝකයක් වත් නොවනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ආශීර්වාද කළ කල්හි ඔබේ මෙහෙකාරී වන මා සිහි කළ මැනව.”