Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:15 - Sinhala New Revised Version

15 මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:15
19 හුවමාරු යොමු  

ඔහු අත්අඩංගුවට ගෙන රජුගේ සිරකරුවන් තබන සිරගෙයි දැමී ය. මෙසේ ඔහු සිරගෙදර නැවතී සිටියේ ය.


වේශ්‍යාකම් කරන්නන් ද, පුරුෂයන් සමඟ අනාචාරයෙහි හැසිරෙන්නන් ද, මිනිසුන් පැහැරගෙන යන්නන් ද, බොරුකාරයන් ද, බොරුවට දිවුරන්නන් ද,


මෙසේ සිදු වන්නේ, ‘ඔව්හු හේතුවක් නැති ව මට ද්වේෂ කළහ’යි ඔවුන්ගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති වචනය ඉෂ්ට වන පිණිස ය.


එවිට ජේසුස් වහන්සේ කතා කොට, “පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක.


මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”


තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය.


“යමෙකු ඉශ්රායෙල් ජනයා අතර කෙනෙකු පැහැරගෙන ඔහු වහලෙකු කළොත් හෝ ඔහු විකුණුවොත් හෝ එවැනි සොරෙකු මරාදැමිය යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු ය.


මිනිසෙකු බලයෙන් පැහැරගෙන, විකුණන හෝ තමා ළඟ තබාගන්න හෝ තැනැත්තා මරනු ලැබිය යුතුම ය.


තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලෙපන පරිදි ය.


එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ.


ප්‍රධාන පූප සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත පූප පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි.


ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී.


මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත; ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්