උත්පත්ති 36:8 - Sinhala New Revised Version මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය. Sinhala New Revised Version 2018 මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය. Sinhala Revised Old Version ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය. |
ඔහු ජාකොබ්ට කතා කොට, “කරුණාකර, ඔය රතු පාට ව්‍යංජනයෙන් කෑමට මට දෙන්න; බලන්න, මට හරි මහන්සි ය”යි කී ය. මේ කරුණ නිසා ඔහුට ඒදොම් යන නම දෙන ලදී.
තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය.
ඔහු ඔවුන්ට අණ කරමින්, “නුඹලා මාගේ ස්වාමීන් වන ඒසව්ට කතා කොට, ‘ඔබේ දාසයා වන ජාකොබ් මෙසේ කියන්නේ ය: මම ලාබන් සමඟ නැවතී, මෙතෙක් එහි සිටියෙමි.
අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.
සිමියොන්ගේ පුත්‍රයන් වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම්, මනුෂ්‍යයන් පන්සියයක් ඉෂිගේ පුත්‍ර වූ පෙලටියා ද නෙයරියා ද රෙපායා ද උශ්ශීයෙල් ද ප්‍රධානකමට තබා ගෙන සේයිර් කන්දට ගොස්,
“බැලුව මැනව, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ආ කල, අම්මොන්වරුන් සහ මෝවබ්වරුන් ද සේයිර් කඳුකරේ වැසියන් ද අතරට පැමිණෙන්න ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශ නොකර ඔවුන් වෙතින් අහක් ව ගියෝ ය.
මන්ද, අම්මොන්වරු සහ මෝවබ්වරු සේයිර් කඳුකරයේ වැසියන් නසා වනසන පිණිස ඔවුන්ට විරුද්ධ ව සටනට ගියහ. සේයිර් වැසියන් මුළුමනින් ම නැති කළ පසු ඔව්හු එකෙකු අනිකෙකු විනාශ කරන්න උපකාර වූ හ.
එසේ ම මෝවබ්හි ද අම්මොන් පුත්‍රයන් අතරේ ද ඒදොම්හි ද අනිකුත් සෑම රටවල ද සිටි සියලු ජුදෙව්වරුන්ට බබිලෝනියේ රජු ජුදෙව්වරුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගිය බව ද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කළ බව ද ආරංචි විය.
දිවැසිවර ඔබදියාගේ දර්ශනය මෙය වේ. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඒදොම් ගැන මෙසේ වදාරන සේක: “ඉදිරියට එන්න; අපි ඒදොම්ට විරුද්ධ ව යුද්ධයට යමු”යි කියන පිණිස ජාතීන් අතරට පණිවුඩකාරයෙක් යවනු ලැබී ය. මම මේ ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් ලදිමි.
ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.
ඒසව්ට ද්වේෂ කෙළෙමි. මම ඒසව්ගේ කඳුකර පළාත විනාශ කොට, ඔහුගේ උරුමය, වන මෘගයන්ගේ වාසස්ථානයක් කෙළෙමි”යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.
නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න.
ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.
ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය.
සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය.