එහෙත්, ලාබන් එදින එළුවන්ගෙන් වයිරම් සහ පුල්ලි වැටුණු උන් ද, එළු දෙනුන්ගෙන් තිත් සහ පුල්ලි සහිත සියලු සතුන් ද, සුදු පාට ඇති උන් ද, බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද වෙන් කර, තම පුතුන් හට බාර දී
උත්පත්ති 34:5 - Sinhala New Revised Version ඔහු තම දුව වන දීනා දූෂණය කළ බව ජාකොබ් දැනගත්තේ ය. එකල ඔහුගේ පුතුන්, ඔහුගේ ගවයන් සමඟ තණ පිට්ටනියේ සිටිය බැවින්, ඔවුන් එන තෙක් ජාකොබ් නිහඬ ව සිටියේ ය. Sinhala New Revised Version 2018 ඔහු තම දුව වන දීනා දූෂණය කළ බව ජාකොබ් දැනගත්තේ ය. එකල ඔහුගේ පුතුන්, ඔහුගේ ගවයන් සමඟ තණ පිට්ටනියේ සිටිය බැවින්, ඔවුන් එන තෙක් ජාකොබ් නිහඬ ව සිටියේ ය. Sinhala Revised Old Version ඔහු තමාගේ දූවූ දීනා අපවිත්‍රකළ බව යාකොබ්ට සැලවිය; ඒ වේලාවට ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ සිව්පාවන් සමඟ කෙතෙහි සිටියෝය. යාකොබ් ඔවුන් එනතුරු නිශ්ශබ්දව සිටියේය. |
එහෙත්, ලාබන් එදින එළුවන්ගෙන් වයිරම් සහ පුල්ලි වැටුණු උන් ද, එළු දෙනුන්ගෙන් තිත් සහ පුල්ලි සහිත සියලු සතුන් ද, සුදු පාට ඇති උන් ද, බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද වෙන් කර, තම පුතුන් හට බාර දී
ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.
එහෙත්, අබ්සලොම් අම්නොන්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නොකීවේ ය. එසේ නොකීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නොන් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.
එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.
ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා,
ඔහු උත්තර දෙමින්, ‘මෙපමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය.
එහෙත්, සමහර දුර්ජනයන් කතා කොට, “මේ මිනිහා අප ගළවන්නේ කොහොම දැ”යි සාවුල් සුළු කොට සිතා ඔහුට කිසි තෑග්ගක් ගෙනාවේ නැත.
එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය.