Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 13:22 - Sinhala New Revised Version

22 එහෙත්, අබ්සලොම් අම්නො‍න්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නො‍කීවේ ය. එසේ නො‍කීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නො‍න් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත්, අබ්සලොම් අම්නො‍න්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නො‍කීවේ ය. එසේ නො‍කීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නො‍න් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 නුමුත් අබ්සලොම් අම්නොන්ට හොඳක්වත් නරකක්වත් කථා නොකෙළේය. මක්නිසාද තමාගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බු කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර බැන්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 13:22
19 හුවමාරු යොමු  

තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.


තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය.


එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.


එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.


ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි.


තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න.


කෝප වුවත් පව් නොකරන්න. ඉර බහින තුරු හිතේ කෝපය තබා නොගන්න.


“ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය.


කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.


කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි.


අසල්වැසියා සමඟ ම ආරාවුල බේරාගන්න; අනුන්ගේ රහස් අන් අයට හෙළි නොකරන්න.


බොරු කියන්නා වෛරය උපදවන්නෙකි; කේලාම් පතළ කරන්නා අඥානයෙකි.


ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක.


දෙවියන් වහන්සේගේ දරුවන් ද යක්ෂයාගේ දරුවන් ද හඳුනාගත හැක්කේ මෙසේ ය: යුතු දේ නොකරන, තම සහෝදරයාට ප්‍රේම නොකරන, කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති.


සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි.


දාවිත් මේ සියලු දේ අසා ඉතා උදහස් විය.


තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්