ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 32:16 - Sinhala New Revised Version

ඉන්පසු ඔහු මේ රංචු, වෙන්, වෙන් වශයෙන් තම මෙහෙකරුවන්ට බාර දී, “නුඹලා රංචුවෙන් රංචුව ඈත් කර මට පෙරටුව යන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු ඔහු මේ රංචු, වෙන්, වෙන් වශයෙන් තම මෙහෙකරුවන්ට බාර දී, “නුඹලා රංචුවෙන් රංචුව ඈත් කර මට පෙරටුව යන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමාගේ වැඩකාරයන් අතට ඒ ඒ රංචු වෙන් වශයෙන් භාරදී: නුඹලා රංචුවෙන් රංචුව ඈත්කර මට පෙරටුව එතරට යන්නැයි තමාගේ වැඩකාරයන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 32:16
9 හුවමාරු යොමු  

කිරි දෙන ඔටු දෙනුන් තිහක් හා උන්ගේ වස්සන් ද එළ දෙනුන් සතළිසක් ද ගොනුන් දහයක් ද කොටළු දෙනුන් විස්සක් හා කොටළුවන් දහයක් ද වූ හ.


තවද, ඔහු, මුලින් ම ගිය මෙහෙකරු අමතා, “මාගේ සොහොයුරු ඒසව් ඔබ හමු වී, ‘ඔබ කාගේ කවු ද? ඔබ යන්නේ කොහේ ද? ඔබට පෙරටුව දක්කාගෙන යන මේ සත්තු කාගේ ද?’ කියා ඇසූ විට,


ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය.


දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.


සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි.


දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනියි.


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


එසේ කර ඈ වැඩකාරයන් අමතා, “ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.