උත්පත්ති 24:64 - Sinhala New Revised Version රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස Sinhala New Revised Version 2018 රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස Sinhala Revised Old Version රෙබෙකාද ඇස් ඔසවා බලා ඊසාක් දැක ඔටුවා පිටින් බැස්සාය. |
මෙහෙකරුවා අමතා, “අප හමුවීමට කෙතෙහි සිට ඇවිදගෙන එන මේ මිනිසා කවරෙක් දැ”යි විචාළා ය. ඔහු ද පිළිතුරු දෙමින්, “ඒ මාගේ ස්වාමියා ය”යි කී ය. එවිට ඈ සළුව ගෙන මුහුණ වසාගත්තා ය.
ඈ ඔත්නියෙල් වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කාලෙබ් වෙත ගොස් කොටළුවා පිටින් බැස්ස විට, “ඔබට ඕනෑ කුමක් දැ”යි කාලෙබ් ඇසී ය.
ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, “ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය.