ආබ්‍රහම් මම්රේ පෙදෙසින් නික්ම නේගෙබ් පළාත බලා ගොස්, කාදෙෂ් සහ ෂූර් අතර පිහිටි ගෙරාර්හි කලකට පදිංචි විය.
උත්පත්ති 19:38 - Sinhala New Revised Version බාල සොහොයුරියට ද පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට බෙන්-අම්මි යන නම තැබුවා ය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදි පියා මොහු ය. Sinhala New Revised Version 2018 බාල සොහොයුරියට ද පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට බෙන්-අම්මි යන නම තැබුවා ය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදි පියා මොහු ය. Sinhala Revised Old Version බාල තැනැත්තීද පුත්‍රයෙකු බිහිකර ඔහුට බෙන්අම්මියයි නම් තැබුවාය. ඔහු අද දක්වා අම්මොන් පුත්‍රයන්ගේ පියාණෝය. |
ආබ්‍රහම් මම්රේ පෙදෙසින් නික්ම නේගෙබ් පළාත බලා ගොස්, කාදෙෂ් සහ ෂූර් අතර පිහිටි ගෙරාර්හි කලකට පදිංචි විය.
මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.
ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්වරුන්ගේ පාරට්ටු කිරීම ද අම්මොන් වැසියන්ගේ නින්දා කිරීම ද ඔවුන්ගේ දේශය ගැන පුරසාරම් දෙඩීම ද මාගේ සෙනඟට නින්දා කළ අන්දම ද මා අසා ඇත.
ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා, මෝවබ්, සොදොම් මෙන් ද අම්මොන්, ගොමොරා මෙන් ද විනාශ කරමි. ඒ දෙරට කහඹිලියා හා ලුණු වළවල් ඇති බිමක් ද සදහට ම පාළු වූ ස්ථානයක් ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් ඉතිරි ව සිටින අය ඒ දෙරට කොල්ලකන්නෝ ය. මාගේ ජාතීන්ගෙන් ඉතිරි වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝ ය.”
නුඹ අම්මොන්ගේ පරපුරට අයිති අයගේ දේශය සමීපයට පැමිණි කල ඔවුන්ට හිරිහැර නොකරන්න, ඔවුන් කුපිත නොකරන්න. මා ඔවුන්ගේ රට ලොත්ගේ පෙළපතට අයිති කොට දී තිබෙන බැවින් මම ඔවුන්ගේ රටින් අඟලක්වත් නුඹට නොදෙන්නෙමි’යි වදාළ සේක.
“සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක.
“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.
ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය.
සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය.