ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය.
උත්පත්ති 12:9 - Sinhala New Revised Version ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය. Sinhala Revised Old Version ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය. |
ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය.
එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරෙන් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින්, බෙතෙල් හා ආයි නුවර අතර, පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය.
ආබ්‍රහම් මම්රේ පෙදෙසින් නික්ම නේගෙබ් පළාත බලා ගොස්, කාදෙෂ් සහ ෂූර් අතර පිහිටි ගෙරාර්හි කලකට පදිංචි විය.
තවද, දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිට වී යන්නට මට සැලැසූ විට, ‘නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එක ම කරුණාව නම්, අප යන යන තැන, ‘ඔහු මාගේ සහෝදරයා ය’යි කියන මෙන් මම ඇගෙන් ඉල්ලීමි’ ”යි කී ය.
එකල නේගෙබ් ප්‍රදේශයෙහි පදිංචි ව සිටි ඊසාක්, ලහයි-රොයි නම් ස්ථානයේ ළිඳ අසල පාළුකරයට පැමිණ සිටියේ ය.
දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.
මෝසෙස් කානාන් දේශයට ඔවුන් චරපුරුෂයන් සේ යවමින්, ඔවුන් අමතා, “දකුණු දිශාවට ගොස්, ඉන්පසු කඳුකරයට යන්න.
කඳවුර ගලවා, ගමන අරඹා අමෝරිවරුන්ගේ කඳුකරයට ද ඊට යාබද ව අසල්වැසියන් වසන මිටියාවතට සහ කඳුකරයට ද තැනිතලාවට සහ දකුණු දිශාවට ද මුහුදුබඩට හා කානානිවරුන්ගේ දේශයට ද ලෙබනොන් රටට සහ මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ද යන්න.