උත්පත්ති 1:24 - Sinhala New Revised Version ඉන්පසු දෙවියන් වහන්සේ; “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය. Sinhala New Revised Version 2018 ඉන්පසු දෙවියන් වහන්සේ; “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් බිහිවෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය. Sinhala Revised Old Version දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය. |
මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය.
නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය.
ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ.
සියලු මෘගයෝ ද, ගවමහිෂයෝ ද පක්ෂීහු ද උරගයෝ ද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ.
“පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?
දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න. ඌ මැව්වේත් මම ය; නුඹ මැව්වේත් මම ය. ඌ ගොනෙකු මෙන් තණ කොළ කයි.