Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 1:24 - Sinhala New Revised Version 2018

24 ඉන්පසු දෙවියන් වහන්සේ; “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් බිහිවෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඉන්පසු දෙවියන් වහන්සේ; “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 1:24
15 හුවමාරු යොමු  

දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න. ඌ මැව්වේත් මම ය; නුඹ මැව්වේත් මම ය. ඌ ගොනෙකු මෙන් තණ කොළ කයි.


නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය.


සියලු මෘගයෝ ද, ගවමහිෂයෝ ද පක්ෂීහු ද උරගයෝ ද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ.


වන සතුන්, උරගයින්, පක්ෂීන් හා සියලු සිව්පාවෙනි, සමිඳුන් පසසන්න.


වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද?


ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ.


එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.


වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ. සාවුන්ගේ රැකවරණය පර්වත වේ.


ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද? ලෙල දෙන කෙසරු උගේ ගෙලෙහි පැළඳෙව්වේ නුඹ ද?


කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද?


“පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?


සවස ගත විය, උදය උදා විය, ඒ පස් වන දවස ය.


මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්