ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ආමොස් 1:8 - Sinhala New Revised Version

අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම අෂ්දොද් කෙරෙන් වැසියාද අෂ්කෙලොන් කෙරෙන් ජයකොන්තය අල්ලන්නාද සිඳදමා, මාගේ අත එක්‍රොන්ට විරුද්ධව හරවන්නෙමි, පිලිස්තිවරුන්ගෙන් ඉතිරි කොටසද විනාශවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න



ආමොස් 1:8
17 හුවමාරු යොමු  

ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට, ගාත්හි පවුරත්, ජබ්නෙහි පවුරත්, අෂ්දොද්හි පවුරත් බිඳ දමා, අෂ්දොද් රටෙහි ද පිලිස්තිවරුන් අතරේ ද නගර ගොඩනැඟුවේ ය.


එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.


මම නුඹලාට විරුද්ධ ව ක්‍රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි;


අසිරියාවේ රජ වූ සර්ගොන්ගේ අණ පරිදි අසිරියන් හමුදාවේ අණ දෙන නිලධාරියා වන තර්තාන් අෂ්දොද් නම් පිලිස්තියේ නගරයට පහර දී එය අත්පත් කරගත්තේ ය.


පාරාවෝ රජු ගාසා නගරයට පහර දෙන්නට පෙර පිලිස්තිවරුන් ගැන දිවැසිවර ජෙරමියාට කතා කර සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:


මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධ ව දිගු කොට, කෙරෙතිවරුන් වනසාදමා, මුහුදුබඩ ඉතිරි ව සිටින්නන් නැති කරන්නෙමි.


තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු පළාත්වල වැසියෙනි, නුඹලා මට කරන්න යන්නේ කුමක් ද? නුඹලා මාගෙන් පළිගන්නට බලන්නහු ද? නුඹලා මාගෙන් පළිගන්නට යන්නහු නම්, මට කරන්නට යන දේ විගසින් ම නුඹලාට පල දෙන්නට සලස්වන්නෙමි.


මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.


අෂ්දොද්හි ද මිසර දේශයේ ද මාලිගාවල සිටින්නන්ට මෙසේ ප්‍රකාශ කරන්න: “සමාරියේ කඳුවලට නැඟී එහි ඇති අවුල් වියවුල් ද නගරයේ කෙරෙන අපරාධ ද බලන්න.”


ජාකොබ්ගේ වංශය ගින්නක් මෙන් ද ජෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක් මෙන් ද ඒසව්ගේ වංශය ඉපනැලි මෙන් ද වන්නෝ ය. ඒසව්ගෙන් පැවැත එන කිසිවෙකු ඉතිරි නොවන ලෙස ඔව්හු දැවී ගිනිබත් වන්නෝ ය.” මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.


“අෂ්කෙලොන් නගරය ඒ දැක බිය වන්නී ය. ගාසාත් ඒ දැක කම්පා වන්නී ය. එක්‍රොන්ට ද එසේ ම සිදු වී බලාපො‍රොත්තු ශූන්‍ය වන්නේ ය. ගාසාවෙහි රජ විනාශ වන්නේ ය. අෂ්කෙලොන් ජන ශූන්‍ය පෙදෙසක් වන්නේ ය.


අෂ්දොද්හි අවජාතක සෙනඟක් වාසය කරන්නෝ ය. මම පිලිස්තිවරුන්ගේ ඔද බිඳදමන්නෙමි.


පිලිස්තිවරු වන්දි පූජාවක් වශයෙන්, අෂ්දොද් උදෙසා ද ගාසා උදෙසා ද අෂ්කෙලොන් උදෙසා ද ගාත් උදෙසා ද එක්‍රොන් උදෙසා ද එක එක බැගින් රනින් කළ ගඩු යැවූහ. තවද, ඔව්හු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා විසින් පාලනය කරන ලද නගර වෙනුවෙන් එකකට එක රූපයක් බැගින් රනින් කළ මී රූප යැවූහ.