Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 9:6 - Sinhala New Revised Version

6 අෂ්දොද්හි අවජාතක සෙනඟක් වාසය කරන්නෝ ය. මම පිලිස්තිවරුන්ගේ ඔද බිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අෂ්දොද්හි අවජාතක සෙනඟක් වාසය කරන්නෝ ය. මම පිලිස්තිවරුන්ගේ ඔද බිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 අෂ්දොද්හි අවජාත සෙනඟක් වසන්නෝය, පිලිස්තිවරුන්ගේ පාරට්ටුවද සිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 9:6
13 හුවමාරු යොමු  

අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.


තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.


ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.


දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරො‍න්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.


ඉශ්රායෙල් රාජ්‍යයට වන විපතක මහත! ඔවුන්ගේ උඩඟු හිස්වල තේජාලංකාරය මල් කිරුළු මෙන් පරවී යන්නේ ය. එහෙත්, ඔව්හු හොඳට ම වෙරි වී වැතිර සිටිති.


ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.


මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි.


පාරාවෝ රජු ගාසා නගරයට පහර දෙන්නට පෙර පිලිස්තිවරුන් ගැන දිවැසිවර ජෙරමියාට කතා කර සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:


ගාසා නගරයේ කිසිවෙකු වත් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් විනාශ වන්නේ ය; අෂ්දොද්වරු මද්දහන වේලාව වන විට පලවා හරිනු ලබන්නෝ ය; එක්‍රොන් උදුරාදමනු ලබන්නේ ය.


“අෂ්කෙලොන් නගරය ඒ දැක බිය වන්නී ය. ගාසාත් ඒ දැක කම්පා වන්නී ය. එක්‍රොන්ට ද එසේ ම සිදු වී බලාපො‍රොත්තු ශූන්‍ය වන්නේ ය. ගාසාවෙහි රජ විනාශ වන්නේ ය. අෂ්කෙලොන් ජන ශූන්‍ය පෙදෙසක් වන්නේ ය.


ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්