ආමොස් 1:2 - Sinhala New Revised Version ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.” Sinhala New Revised Version 2018 ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.” Sinhala Revised Old Version ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය. |
ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි.
රාජ කෝපය සිංහ රාජයෙකුගේ ගර්ජනාව මෙන් බියකරු ය; රජුන් කෝප කරන්නා සිය පණට හානියක් පමුණුවාගනියි.
දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.
එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.
සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක; එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක. රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක.
දේශය වේළී තිබෙන්නේත්, මුළු රටේ තණ කොළ මැලවී යන්නේත් කොපමණ කාලයකට ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝ ද පක්ෂීහු ද මිය යති. “ඔබ අපේ අවසානය නොදකින සේකැ”යි ඔව්හු කියති.
“ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි.
“ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක;
මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ.
ඉශ්රායෙල් ජනයා යළිත් ඔවුන්ගේ දේශයට පමුණුවන්නෙමි. ඔව්හු කර්මෙල්හි ද බාෂාන්හි ද වැවෙන ආහාරයෙන් පෝෂණ වන්නෝ ය. එප්‍රායිම් හෙල් පිට ද ගිලියද්හි ද වැවෙන සියලු දේ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නෝ ය.
“ඔව්හු සමිඳාණන් වහන්සේ පසුපස්සේ එන්නෝ ය. මම සිංහයෙකු සේ ගොරවමි. මා ගොරවන විට දරුවෝ ද වෙවුලමින් බටහිර සිට එන්නෝ ය.
පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි.
සමිඳුනි, මම ඔබට අයැදුම් කරමි. මන්ද, කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත; උයන්වල සියලු ගස් ගිනිබත් වී ඇත.
සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?”
සමිඳාණෝ සියොන්හි ගර්ජනා කරන සේක; ජෙරුසලමේ සිට හඬ නඟන සේක. අහසත් පොළොවත් කම්පා වනු ඇත. එහෙත්, සමිඳාණෝ සිය සෙනඟට රක්ෂා ස්ථානයක් වන සේක. ඉශ්රායෙල් ජනයාට බලකොටුවක් වන සේක.
ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි.
උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි.
සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.