2 සාමුවෙල් 7:5 - Sinhala New Revised Version උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න: Sinhala New Revised Version 2018 උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න: Sinhala Revised Old Version නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද? |
කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ ය.
“නුඹ ගොඩනඟන මේ ගෘහය ගැන මම මෙය කියමි: නුඹ මාගේ නීති අනුව හැසිර, මාගේ නියෝග ඉෂ්ට කර, මාගේ පණත් පවත්වමින්, ඒ ප්‍රකාර හැසිරෙන්නෙහි නම්, නුඹේ පිය වූ දාවිත්ට මා කී මාගේ වචනය නුඹට ඉෂ්ට කරන්නෙමි.
“නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
එහෙත්, දෙවියන් වහන්සේ මට කතා කොට, ‘නුඹ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය; මන්ද, නුඹ රණකාමී මනුෂ්‍යයෙකි; නුඹ ලේ වැගිරෙවුවෙහි ය’යි වදාළ සේක.
සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?