Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 7:6 - Sinhala New Revised Version

6 ‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මම ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ගෙනා දවස පටන් අද දක්වා ගෙයක නොවැස කූඩාරමකද මණ්ඩපයකද හැසුරුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 7:6
15 හුවමාරු යොමු  

‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා මා මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන පිණිස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නගරයක් තෝරා නොගෙන, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට දාවිත් තෝරා ගතිමි’යි පවසා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.


“එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක.


දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”


“අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.


ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”


උරියා දාවිත්ට කතා කොට, “ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත; ඉශ්රායෙල්වරු ද ජුදෙව්වරු ද කූඩාරම්වල සිටිති; මාගේ ස්වාමීන් වන ජෝවාබ් ද මාගේ ස්වාමියාගේ සේවකයෝ ද එළිමහනේ කඳවුරු බැඳගෙන සිටිති. එසේ නම්, කා, බී ප්‍රීති වන්නටත්, මාගේ බිරිඳ සමඟ සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේ ද? මම සැබෑ ලෙස එවැන්නක් නො‍කරමි යි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි පැවසී ය.


ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්