අබ්නේර් සහ ඔහුගේ සෙනඟ ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස් ජොර්දානින් එගොඩ ව, මුළු උදේ වරුවේ ගමන් කොට මහනයිම් නගරයට පැමිණියහ.
2 සාමුවෙල් 4:7 - Sinhala New Revised Version ඔව්හු ගෙට ඇතුළු වී ඊෂ්-බොෂෙත් ඔහුගේ නිදන කාමරයේ යහනේ නිදා සිටිය දී ඔහුට පහර දී ඔහු මරා, ඔහුගේ හිස කපා දමා, එය රැගෙන මුළු රැයේ ම අරබා සමභූමිය පාරෙන් ගියාහ. Sinhala New Revised Version 2018 ඔව්හු ගෙට ඇතුළු වී ඊෂ්-බොෂෙත් ඔහුගේ නිදන කාමරයේ යහනේ නිදා සිටිය දී ඔහුට පහර දී ඔහු මරා, ඔහුගේ හිස කපා දමා, එය රැගෙන මුළු රැයේ ම අරබා සමභූමිය පාරෙන් ගියාහ. Sinhala Revised Old Version එසේ ඔහු තමාගේ සැතපෙන ගෙයි ඇඳේ නිදා ඉන්දදී ඔව්හු ගෙට ඇතුල්වී ඔහුට ඇන, ඔහු මරා, ඔහුගේ හිස කපාදමා, එය රැගෙන මුළු රාත්‍රියේ අරබා සමභූමියේ පාරෙන් ගියෝය. |
අබ්නේර් සහ ඔහුගේ සෙනඟ ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස් ජොර්දානින් එගොඩ ව, මුළු උදේ වරුවේ ගමන් කොට මහනයිම් නගරයට පැමිණියහ.
එවිට නයිල් ගඟ මැඩියන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය. මැඩියෝ එයින් පිට වී ඔබේ මාලිගාවට ද ඔබේ යහන් ගබඩාවට ද ඔබේ යහනට ද ඔබේ නිලධාරීන්ගේ නිවාසවලට ද ඔබේ සෙනඟ වෙතට ද ඔබේ උදුන්වලට හා පිටි බඳුන්වලට ද පනින්නෝ ය.
එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, එයින් ඔහුගේ හිස ගසා දමා ඔහු මැරුවේ ය. පිලිස්තිවරු තමන්ගේ යෝධයා මළ බව දැක පලා ගියෝ ය.
දාවිත් පිලිස්තියයාගේ හිස රැගෙන ජෙරුසලමට පැමිණියේ ය; ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තබාගත්තේ ය.
ඔව්හු සාවුල්ගේ හිස කපා දමා ඔහුගේ ආයුධ ගලවා, එපවත් තමන්ගේ දේවාලවලත්, සෙනඟ අතරේත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවූ හ.