Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 4:8 - Sinhala New Revised Version

8 ඔව්හු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනවුත්, රජුට කතා කොට, “ඔබ මරන්නට සෙවූ, ඔබට සතුරු වූ, සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් උදෙසා අද සාවුල්ගෙන් ද ඔහුගේ වංශයෙන් ද පළිගත් සේකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔව්හු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනවුත්, රජුට කතා කොට, “ඔබ මරන්නට සෙවූ, ඔබට සතුරු වූ, සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් උදෙසා අද සාවුල්ගෙන් ද ඔහුගේ වංශයෙන් ද පළිගත් සේකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔව්හු හෙබ්‍රොන්හි සිට දාවිත් ළඟට ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනැවිත් රජුට කථාකොට: ඔබ මරන්ට සෙවුවාවූ ඔබට සතුරුවූ සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් උදෙසා අද දවසේ සාවුල්ගෙන්ද ඔහුගේ වංශයෙන්ද පළිගත්සේකැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 4:8
18 හුවමාරු යොමු  

එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් කතා කොට, “සමිඳාණන් වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්නට මට අවසර ලැබේවා”යි කීවේ ය.


එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය.


තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,


එතුමාණෝ, මා උදෙසා සතුරන්ගෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන,


දවස පුරා මම ඔබේ දැහැමි ක්‍රියා ගැන කතා කරන්නෙමි. මන්ද, මාගේ විනාශය සොයන්නන් ලජ්ජාවටත්, වියවුලටත් පත් කර ඇත.


“නැඟිට ළදරුවා ද ඔහුගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට යන්න; ළදරුවාගේ ජීවිතය නසන්න තැත් කළ අය මළහ”යි කී ය.


ස්වර්ගයෙනි, සැදැහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.


ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.


“මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය.


දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය.


ඔවුන්ගේ ඇසින් දාවිත් බලන පිණිස සාවුල් නැවතත් සේවකයන් යවා, ඔහු මරා දැමීම පිණිස, “ඇඳ පිටින් ඔහු මා වෙත ගෙනෙන්නැ”යි කීවේ ය.


දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, “ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.


සාවුල් තමා මරන්නට පිටත් ව ආ නිසා දාවිත් බිය පත් ව සිටියේ ය. එකල දාවිත් ශිප් කඳු රටේ තිබුණ හොරෙෂ්හි සිටියේ ය.


දාවිත්ගේ සෙනඟ කතා කොට, “මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය.


ඔබ ලුහුබැඳ අවුත් ඔබේ ප්‍රාණය හානි කරන්නට යම් මිනිසෙකු තැත් කළොත්, කෙනෙකු ඔහුගේ වටිනා වස්තුව ආරක්ෂා කරන සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. උන් වහන්සේ ඔබේ සතුරන්, ගල් පටියකින් විදින ගල් සේ වීසි කරදමන සේක් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්