මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.
2 සාමුවෙල් 22:11 - Sinhala New Revised Version එතුමාණෝ කෙරුබ්වරයෙකු අරා පියාසර කළ සේක. එසේ ය, එතුමාණෝ සුළං පියාපත් පිට පියාඹා වැඩිය සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ කෙරුබ්වරයෙකු අරා පියාසර කළ සේක. එසේ ය, එතුමාණෝ සුළං පියාපත් පිට පියාඹා වැඩිය සේක. Sinhala Revised Old Version උන්වහන්සේ කෙරුබයෙකු පිට නැගී පියාසරකළසේක. එසේය, උන්වහන්සේ හුළඟ නැමැති පියාපත් පිට පෙනුණුසේක. |
මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.
දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.
එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක.
ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.
සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.
එක කෙළවරක එක කෙරුබ්වරයෙක් ද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයා ද සිටින සේ කරුණාසනය සමඟ එකක් වන සේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතු ය.
එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
ඒ කී ලෙස ඔව්හු ෂිලෝ නගරයට මිනිසුන් යවා, කෙරුබ්වරුන් අතර පිහිටි සිහසුන මත වැඩහිඳින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන්වා ගත්හ. හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සමඟ පැමිණියහ.