ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 18:15 - Sinhala New Revised Version

ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෝවාබ්ගේ ආයුධ ගෙනයන මෙහෙකරුවෝ දස දෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහරදී ඔහු මැරුවෝය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 18:15
9 හුවමාරු යොමු  

ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’


එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නො‍හැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය.


ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි.


එවිට දාවිත් රජ පූජක වන ශාදොක්ටත්, අබියාතර්ටත් මෙසේ කියා යැවී ය. “ඔබ ජුදාහි ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ කියමින් සිටි දේ රජ්ජුරුවන්ට සැළ විය. එබැවින් රජ්ජුරුවන් සිය නිවෙසට ගෙන්වන පිණිස ඔබ අන්තිමයන් වන්නේ මන්දැ”යි අසන්න.


දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?


දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.


නපුරාගේ එක ම අරමුණ කැරලි ගැසීම ය; එබැවින් ඔහු වෙත නපුරු දූතයෙකු එනු නියත ය.


මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි; කිසිවෙකු එය නොවළක්වත්වා.


වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි.