ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 17:8 - Sinhala New Revised Version

හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 17:8
20 හුවමාරු යොමු  

ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ.


දැන් වුව ද ඔහු ගුහාවක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද, මුල් පහර දීමේ දී ඔවුන්ගෙන් සමහර දෙනෙකු මිය ගිය විට එය අසන කවුරුන් නමුත්, ‘අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මහා ඝාතනයක් සිදු වී තිබේ ය’යි කියනු ඇත.


එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නො‍බී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට,


ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු සිය හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ලෙළවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නම ගිය කෙනෙක් විය.


ඔහු පස්සට හැරී ඔවුන් දැක සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කෙළේ ය, එවිට වැළහින්නන් දෙදෙනෙක් කැලෑවෙන් අවුත් ඒ ළමයින්ගෙන් සතළිස්දෙදෙනෙකු ඉරා දැමූ හ.


මෝඩ දෙයක් කරන මෝඩයෙකු හමු වීමට වඩා, පැටවුන් නැති වුණු වැලහින්නකට මුහුණ පෑම යහපත.


දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි.


“නුඹේ මවු කවරෙක් ද? ඈ සිංහයන් මැද ලැගුම්ගත් සිංහ ධේනුවක් ය. තරුණ සිංහයන් අතරෙහි ද ඈ තම පැටවුන් ඇති කළා ය.


මා දුටු දෙ වන මෘගයා වලසෙකු හා සමාන ය. ඌ එක ඇළයකින් කෙළින් වී සිටියේ ය. උගේ කටේ දත් අතරේ ඉළ ඇට තුනක් තිබුණේ ය. ‘නැඟිට බොහෝ මස් කන්නැ’යි ඌට කියන ලද්දේ ය.


පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි.


දාන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “තවත් කතා නොකරන්න, කතා කළොත්, රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතය ද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිත ද හානි වනු ඇතැ”යි කියා යන්නට ගියෝ ය.


එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, “දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය.


මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”