Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 17:50 - Sinhala New Revised Version

50 මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

50 මෙසේ දාවිත් ගල්පටියෙන්ද ගෙලන්ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහරදී, ඔහු මැරුවේය; නුමුත් දාවිත්ගේ අතේ කඩුවක් තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:50
9 හුවමාරු යොමු  

ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.


ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.


එබැවින් යුද්ධ දවසේ දී සාවුල්ටත්, ඔහුගේ පුත් ජොනතන්ටත් මිස ඒ දෙදෙනා සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක් වත්, හෙල්ලයක් වත් තිබුණේ නැත.


දාවිත් ඒ ඇඳුමේ සාවුල්ගේ කඩුව බැඳගෙන ඇවිදින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, ඔහුට නුපුළුවන් විය. මන්ද, ඔහු ඒවා පැළඳ පුරුදු නැති නිසා ය. එවිට දාවිත් සාවුල්ට කතා කොට, “මට මේවා ඇඳ පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්නට බැරි ය”යි කියා ඒවා ගලවා දමා,


මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි.


එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, එයින් ඔහුගේ හිස ගසා දමා ඔහු මැරුවේ ය. පිලිස්තිවරු තමන්ගේ යෝධයා මළ බව දැක පලා ගියෝ ය.


ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”


පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.


සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්