හූෂයි ද, “එසේ නොවේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.
2 සාමුවෙල් 16:17 - Sinhala New Revised Version අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නොගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය. Sinhala New Revised Version 2018 අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නොගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය. Sinhala Revised Old Version අබ්සලොම්ද: නුඹේ මිත්‍රයා කෙරෙහි ඇති නුඹේ කරුණාව මේකද? නුඹේ මිත්‍රයා සමඟ නොගියේ මක්නිසාදැයි හූෂයිට කීවේය. |
හූෂයි ද, “එසේ නොවේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.
තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, “මෙපිබොෂෙත් ඔබ මා සමඟ නොගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.
අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?