තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය.
2 සාමුවෙල් 15:32 - Sinhala New Revised Version තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය. Sinhala New Revised Version 2018 තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය. Sinhala Revised Old Version තවද දෙවියන්වහන්සේට නමස්කාරකරන ස්ථානයවූ කන්ද මුදුනට දාවිත් පැමුණුණු විට අර්කීය හූෂයි තමාගේ උතුරුසළුව ඉරාගන, හිස පිට පස් දමාගන, ඔහුගේ පෙරමගට ආයේය. |
තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය.
එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.
දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.
දාවිත් කඳු මුදුනෙන් මඳක් ඔබ්බට ගිය විට, මෙපිබොෂෙත්ගේ වැඩකාරයා වන ශීබා, ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකු ද උන් පිට පටවන ලද රොටි දෙසියයක් ද වියළි මිදි පල පොකුරු සියයක් ද වෙනත් පලතුරු වලු සියයක් ද මුද්‍රික පාන භාජනයක් ද ඇති ව ඔහුගේ පෙරමඟට ආවේ ය.
එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.
සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.
ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්,
බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් මිනිසෙක් යුද්ධ භූමියෙන් දුව ගොස් එම දවසේ ම ෂිලෝ නගරයට පැමිණියේ ය. ඔහු ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සිටියේ ය.