Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:32 - Sinhala Revised Old Version

32 තවද දෙවියන්වහන්සේට නමස්කාරකරන ස්ථානයවූ කන්ද මුදුනට දාවිත් පැමුණුණු විට අර්කීය හූෂයි තමාගේ උතුරුසළුව ඉරාගන, හිස පිට පස් දමාගන, ඔහුගේ පෙරමගට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:32
20 හුවමාරු යොමු  

බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අටාරෝත්ට පැමිණ,


තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.


තවද උන්වහන්සේ ඔලීව නම්වූ කන්ද ළඟ බෙත්පාගයටද බෙතානියටද සමීපවූ කල, තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:


ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


ස්වාමිනි, නැගුටුණ මැනව; මාගේ දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සයට ගැසූසේක; දුෂ්ටයන්ගේ දත් බින්දසේක.


එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.


දාවිත් අඬ අඬා හිස වසාගන වහන් නැතුව ඔලීව කන්දට නගින පාරේ ගියේය. ඔහු සමඟ සිටි මුළු සෙනඟද තම තමුන්ගේ හිස් වසාගන අඬමින් නැගී ගියෝය.


එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.


බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.


දාවිත් කඳු මුදුනෙන් ටිකක් ඔබ්බට ගිය විට මෙපිබොෂෙත්ගේ වැඩකාරයාවූ ශීබා ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙක්ද උන් පිට පැටෙවු රොටි දෙසියයක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද ඉඳිඵල තට්ටු සියයක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහුගේ පෙරමගට ආයේය.


එවිට අබ්සලොම්: දැන් අර්කීය හූෂයිටත් අඬගසන්න, ඔහු කියන දේත් අසමුයයි කීවේය.


ආෂෙර්හිද බෙයාලොත්හිද සිටිය හූෂයිගේ පුත්‍රවූ බානාය.


අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීයාව සිටියේය. අර්කීය හුෂයි රජුගේ මිත්‍රයා විය.


නුමුත් අබ්සලොම්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් වන මුළු සෙනඟද ඔහු සමඟ අහිතොපෙල්ද යෙරුසලමට ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්